මැයි 08 දා ආරම්භවීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය කැඳවිමට අදාළව නිකුත් කළ දෙවැනි ගැසට් නිවේදනයෙද දෝෂ ඇතිව තිබේ. ඒ අනුව යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පළමුව නිකුත් කළ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුව කැඳවන දිනය සඳහන්ව තිබුණත් වේලාව සඳහන් නොවීම හේතුවෙන් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණ අතර ඒ අනුව නිකුත් කළ ගැසට් නිවේදනයේ අදාළත්වයකින් තොර ව්‍යවස්ථා වගන්තියක් දැක්වීමයි.
පාර්ලිමේන්තු බලධාරීන් විසින් මේ පිළිබඳව ජනපති ලේකම් කාර්යාලය දැනුවත් කර ඇත.
සුජිත් හේවාජුලිගේ