පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීමට මේ වසරේදී වෙන්කළ මුදල රුපියල් මිලියන 200ක් බවත්, මාධ්‍ය වාර්තා කළ පරිදි එය රුපියල් මිලියන 1000ක අගයක් නොවන බවත් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
පාර්ලිමේන්තු සංකීර්ණය ජනතාව සතු දේපොළක් බවත්, අනෙක් ඕනෑම ගොඩනැගිල්ලක් මෙන් කලින් කලට එය අලුත්වැඩියා කිරීමට අත්‍යාවශ්‍ය බවත් කථානායක කාර්යාලය සඳහන් කරයි.
උපුටා ගැනීම
“පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් මිලියන දහසක මුදලක් රජය මගින් වෙන්කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍යයන්හි පළ වූ වාර්තාවන් අපගේ අවධානයට ලක්ව තිබේ.
වසර 30ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය මෙරට පොදු ජනතාව සතු දේපොළක් වන අතර, අනෙක් ඕනෑම ගොඩනැගිල්ලක් මෙන් කලින් කලට අලුත්වැඩියා කරමින් එය නඩත්තු කිරීමද අත්‍යාවශ්‍ය වේ.
එය ගෙවී ගිය දශක 03ක කාලය තුළ සිදුකළ යුතුව තිබූ නමුත්, අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක්ද මතුව තිබේ. කවර දේශපාලන ධාරාවන් යටතේ වුවද රටෙහි ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන කේද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් පැමිණෙන ස්ථානයක්ද වේ.
මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලානුරූපීව සිදුකිරීමේ අත්‍යාවශ්‍යතාවය කිසි ලෙසකවත් බැහැර කළ නොහැක. කෙසේ වෙතත්,අලුත්වැඩියා කටයුතු සඳහා රජය විසින් මෙම වසරේ වෙන්කළ මුදල රුපියල් මිලියන 200ක් පමණක් වන බැවින්, මිලියන දහසක මුදලක් වෙන් කර ඇතැයි යන්න මුළුමනින්ම සාවද්‍ය කරුණක් බව අවධාරණය කරමු”.