ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වර්තමානය වන සිටින්නේ සිටින්නේ වසල පිරිසක් බවත් ඔවුන් ස්වාර්ථය මිස අන් කිසිවක් නොසළකන බව මහාචාර්ය මොහාන් සමරනායක මහතා පැවැසීය.
ඊයේ (20දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. මෙහිදී නව ව්‍යවස්ථාව පිළිබඳවද මහාචාර්යවරයා අදහස් දැක්වීය.
“අපේ පාර්ලිමේන්තුව කෙරෙහි අපට විශ්වාසය තියන්න බෑ. මගේ තක්සේරුව නම් අපේ මහජන නියෝජිතයන් වැඩි දෙනා නූගත්, අඥාන පොත පත නොකියන ස්වාර්ථය මිය අන්කිසිවක් නොසළකන ඉතාම වසල පිරිසක් බවයි.
ඉතින් ඔවුන්ව සල්ලිවලට ගන්න පුළුවන්.බෙදුම්වාදය අද එදාටත් වඩා ප්‍රබලයි දේශපාලන වශයෙන් එවැනි වාතාවරණයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ රට අවුල් කිරීමක්.
අපේ රට පාලනය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ නව කන්සවේටිව් කල්ලියක්.ඒ අයට රටක් අවශ්‍ය නෑ. ඒ අයට අවශ්‍ය වෙළෙඳපොළක්.
එසේ නම් කවුද මේක ගේන්නේ.13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට එරෙහිව පාරට බැහැලා, බස් ගිනි තියලා, ජීවිත පූජා කරලා ඝෝෂා කරපු ජනතා විමුක්ති පෙරමුණ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපන ව්‍යාපෘතියක් දියත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයටත් මේවා පිළිබඳ ගැඹුරු කියැවීමක් නෑ.”