පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ ප්රමාද දෝෂයක් පවතින හෙයින් පාර්ලිමේන්තු සැසිය නැවතත් කැඳවීම සඳහා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුව තිබේ.
පාර්ලිමේන්තු සැසිය නැවත මැයි මස 08 දා කැඳවීමට දින නියම කර තිබුණත් එහි වේලාව සටහන් නොවීම හේතුවෙන් මෙසේ නව ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව ඇත. පසුගිය 12 දා ජනපතිවරයා පාර්ලිමේන්තු සැසිය කල් දැමීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කළේය.