වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් 20% ක්ම දේශපාලන පවුල් ආධිපත්‍ය පතුරුවන බව 'මන්ත්‍රී' වෙබ් අඩවිය සිදුකළ විශ්ලේෂණයක් මගින් අනාවරණය වී තිබේ.
මේ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 15 කගේ දරුදැරියන් මේ වනවිට පාර්ලිමේන්තු, පළාත් සභා හෝ ප්‍රා‘දේශීය සභාවල නියෝජිතයන් බවට පත් වී තිබේ. ඉන් පුද්ගලයන් 14 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ දරුදැරියන් බවත් මන්ත්‍රී වෙබි අඩවිය පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත් විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර, පාලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. බී. ඒකනායක මහතාගේ පුත් රසික ඒකනායක මහතා අනුරාධපුර බටහිර ම.නු.ප ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වේ. සෙසු මන්ත්‍රී පුතුන් 13 දෙනාම පළාත් සභා මන්ත්‍රීවරුන්ය.
විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා (එ.ජා.ප.) මහතාගේ පුත් අසංක පෙරේරා වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වන අතර, වත්මන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ දරුවකු පළාත් සභා නියෝජිතයකු බවට පත්ව ඇති එකම අවස්ථාව එය බවද මන්ත්‍රී වෙබ් අඩවිය පවසයි.
මීට අමතරව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් විශාල පිරිසක්ද මේ වනවිට පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවන්හි මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති.