පළාත් පාලන මැතිවරණයට පෙරාතුව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා හෙට (30දා) මධ්‍යාහ්න 12.00 ට පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතාගේ අවධානය යොමුව තිබේ.
මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට පාර්ශ්වයන් කිහිපයක් විසින් පළකර ඇති අදහස් හේතුවෙන් මෙම පක්ෂ නායක රැස්වීම කැඳවීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.
මේ සඳහා විශේෂයෙන් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාටද ඇරයුම් කර ඇතැයිද කථානායක කාර්යාලය පවසයි.
බැඳුම්කර වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ ජනපති කොමිෂන් සභාවේ වාර්තාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව මැතිවරණයට පෙරතුව කැඳවන ලෙසට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් දක්වා සිටිති.