මෙරට පාර්ලිමේන්තු සම්ප්රදාය ආරම්භවී වසර 70ක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය හෙට(03දා) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට සාර්ක් කලාපීය රාජ්‍යවල පාර්ලිමේන්තු කථානායකවරුන්ද සහභාගි වීමට නියමිතය.
විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇමතීමට නියමිත අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ගෙන එනුලබන ඒකාබද්ධ යෝජනාවක්ද විවාදයට ගැනීමට නියමිතය.
එමෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.
1947 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ ශ්‍රීලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව ගාලුමුවදොර පවත්වාගෙන ආ අතර, එය 1982 දක්වා වසර 35ක කාලයක් පැවැත්වීය.
1982 සිට වර්තමානය දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වත්මන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකෙරෙන අතර, එය ආරම්භකර මේවනවිට වසර 35ක් ගතවී තිබේ.