පාර්ලිමේන්තුවේ 225 ප්‍රශ්න ගැන කතා කරන්න සුදුසු නෑ
රටේ වගකිවයුතු පුරවැසියන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කළ යුතු කාලය පැමිණ ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 රටේ ප්‍රශ්න ගැන කතා කිරීමට සුදුසු නැති බවත් මාතර දිස්ත්‍රික් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මාතරදී අද (27දා) පැවති උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී තව දුරටත් අදහස් පළකළ මන්ත්‍රීවරයා, ‘‘ කෝප් කමිටුවේ සභාපතිවරයා විදියට මේ දිනවල විශේෂ මැදිහත්වීමක් කරනවා අපේ රටේ විශ්වවිද්‍යාල පාර්ලිමේන්තුවට කැඳවන්න. දැනට විශ්වවිද්‍යාල ගණනාවක් කැඳෙවුවා. විශ්වවිද්‍යාලවල කටයුතු විමර්ශනය කිරීම කෝප් කමිටුවේ කාර්යභාරයක්.
ඒ වගේම ඒ විමර්ශනය කරලා ඉවරවෙලා අවසානයේ මම අහනවා උපකුලතිවරුන්ගෙන් පීඨාධිපතිවරුන්ගෙන්, මහාචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කීපයක්. අපේ රටේ තියෙන කුණු කඳු කඩාගෙන වැටෙන එකට මොකක්ද ඔබලා ගාව තියෙන විසඳුම, මාර්ග තදබදයට තියෙන විසඳුම මොකක්ද?, මේ අක්‍රමවත් සංවර්ධනයට, වකුගඩු රෝගයට විසඳුම් මොනවාද?, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, අපේ රටේ තියෙන වංචාව, දූෂණයට මොකක්ද ඔබලා ළඟ තියෙන විසඳුම් කියලා මම අහනවා. මේවා කාටත් උත්තර නැති ප්‍රශ්න. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්යවරුන් කල්පනා කරනවා මෙහෙම ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනද කියලා.
අපේ රටේ මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා සුදුසු නැහැ. මොකද ඒ 225 දෙනාගෙන් බහුතරයක් දෙනා අපේ රටේ සිදුවෙන ආර්ථික මංකොල්ලයේ චූදිතයන්. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන් හා අචාර්යවරුන්ගේ වගකීම පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීමයි. එවැනි සමාජ පරිවර්තනයක් ගැන කියැවෙන අරගලයක් කළ යුතුව තියෙනවා. නැති නම් මේක ගොඩගන්න බැහැ" යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


