(UPDATE) පස්වරු 1.50ට පමණ අත්හිටවූ පාර්ලිමේන්තුව නැවතත් පස්වරු 2.10ට පමණ රැස්විය. ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන අතර සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
එහිදී ඔහු ඩෙංගු රෝගය පිළිබඳව ප්‍රකාශයක් ලබාදෙනු ඇති බවට පක්ෂ නායක එකඟතාව අනුව නැවතත් පාර්ලිමේන්තුව රැස්විය.
ඩෙංගු රෝගය පිළිබඳව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇතිවූ මත ගැටුමකින් අනතුරුව පාර්ලිමේන්තුව 1.50 ට පණ අත්හිටුවීමට කතා නායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. ඉන් අනතුරුව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක්ද කැඳවීමට කටයුතු කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඩෙංගු පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදී මෙම ගැටලුව ඇතිවිය.
ඉන් අනතුරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූ අතර පසුව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර ඇතිවූ උණුසුම් වචන හුමවාරුවකින් පසුව පාර්ලිමේන්තුව අත්හිටුවීය.