රජයේ හා පාර්ලිමේන්තුවේ තරුණ හා කාන්තා සහභාගීත්වය වර්ධනය කළ යුතු බවත් ඒ සඳහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති සබිර් චෞද්රී මහතා හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනපති ලේකම් කාර්යාලයේදි මෙම හමුව අද (25දා) පැවැත්විණි. ශ්රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදි කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ අනෙක් රටවල් සඳහා ශ්රී ලංකාව ආදර්ශයක් බව චෞද්රී මහතා මෙහිදී ප්රකාශ කළේය. එසේම ලෝක ජනගහණයෙන් තරුණ ජනගහනය 50%ක් වුවත් පාර්ලිමේන්තුව තුළ තරුණ ප්රජවගේ නියෝජනය 19%ක පහළ අගයක පවතින බවත් ඔහු ප්රකාශ කළේය.