පාර්ලිමෙන්තුවේ සිදුවී ඇති බව කියන දුෂණ සහ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම ආරම්භ කර තිබු පරීක්ෂණ කටයුතු නැවැත්වීමට හේතුව කුමක්ද? යන්න තමන්ට දැනුම් දෙන ලෙස එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා කොමිසමෙන් විමසීමක් කොට ඇතැයි වාර්තා වේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඔහු මෙම විමසීම සිදුකර තිබේ. කොමිසමේ වත්මන් ලේකම් එච්.ඩබ්.ගුණදාස මහතාගෙන් මෙම ලිඛිත ඉල්ලීම සිදුකර තිබේ.
පාර්ලිමෙන්තු ආහාර දෙපාර්තමෙන්තුවේ, ඉංජිනේරු දෙපාර්තමෙන්තුවේ, පාර්ලිමෙන්තුවේ විවිධ මිලදී ගැනීම් වලදී, කාරක සභා කාමර වල ශබ්ද පරිපාලන යන්ත්ර ස්ථාපිත කිරීමේදී, පාර්ලිමෙන්තුවේ ආරක්ෂක පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා විටින් විට සිදුකළ ආයෝජන වලදී, පාර්ලිමෙන්තුව ප්රතිව්යුහගතකිරීම සඳහා මුදල් වැය කිරීම් වලදී සිදු වු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් පිළිබඳව විටින් විට කොමිසමට පැමිණිලි ලැබුණු බව බරපතල කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා අවධාරණය කොට ඇත.