පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2016 වසරේදී රුපියල්තුන්කෝටි හැටතුන්ලක්ෂයක් (36,302,345) වියදම් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 2015 වසරේදී එම කාර්යාලය නඩත්තු කිරීම සඳහා රුපියල් 29,177,488ක් වැයකර තිබිණි.
සභානායක කාර්යාලයේ පසුගිය වසරේ කාර්යසාධන වාර්තාව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට පෙරේදා (04) ඉදිරිපත් කළ අතර, පෞද්ගලික පඩිනඩි,මුළු පුනරාවර්තන වියදම්,මූලධන වියදම් හා වෙනත් යන ශීර්ෂ යටතේ එම වියදම් දරා තිබේ.
2016 වසර සඳහා පෞද්ගලික පඩිනඩි සඳහා රුපියල් 23,800,000ක් සැලසුම් කර තිබුණද, රුපියල් 25,900,000ක් වැයවී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
සභානායක ලේකම්වරයාගේ සහායට සිටින අතිරේක ලේකම්වරයෙකු ඇතුළු 28 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් සභානායක කාර්යාලයේ සේවය කරති.
2016 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා එම කාර්යාලය විසින් අමාත්‍යාංශ 13කට අදාළ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමුකර තිබිණි.
එසේම පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ලද අවස්ථාවලදී රජයේ මැතිඇමතිවරුන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම කාර්යාලයේ නිලධාරීන් යොදවා තිබේ.
වාර්ෂික කාර්යසාධන වාර්තා 402ක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද,පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේදී විවාදයට ගෙන එනු ලබන යෝජනා 63ක් සහ ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්න 99ක් පිළිබ අදාළ අමාත්‍යංශවලින් පිළිතුරු ගෙන්වීමටද එම කාර්යාලය කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තුවේ සභානායක ලෙස එක්සත් ජාතික පකෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කටයුතු කරයි.