පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මාර්තු මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20දා) නියම කළාය.
පසුගිය රජය සමයේ වාහන අවභාවිතය කිරීමේ චෝදනා මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය ජනවාරි (10දා) විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මීට අමතරව එම චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා රුපියල් 50000 ක මුදල් ඇපයක් හා ලක්ෂ දහය බැගින්වූ ශරීර ඇප 2ක් මත අද (20දා) මුදා හරින ලදී.