පාර්ලිමේන්තු සැසිවාර ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට පටන් ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදි හැසිරීමේදී යම් සංවරයක් දැකගැනීමට ලැබෙනවා.
සජීවිව ලබාදීමට පෙරාතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ අවස්ථාවලදී පරුෂ වචන භාවිත කළත් පසුගිය සතියේදීත් මෙම සතියේදීත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ සංවරව හැසිරීම අගය කළ හැකිය.
එසේම අයවැය කාරක සභා විවාදයේදී ජනතාවට ඉතාමත් වැදගත් කරුණු උපයෝගී කරගෙන කරුණු ඉදිරිපත් කිරීමට අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කටයුතු කළේය.