පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක නොවන බවත් නීතිය සැමටම එක බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට යොමුකළ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් යොමුකරමින් පැවැසුවේ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 6 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කළ ඇති බවයි.