පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය දේශපාලන පක්ෂ අභ්‍යන්තර විනය හා දේශපාලනික අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය පිරිහීම නිසා සිදුවූවක් බව මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
ගැටුම ඇතිකරගත් මහජන නියෝජිතයන්ට එරෙහිව කථානායක කරුජයසූරිය මහතා ක්‍රියාමාර්ග ගත්තද පක්ෂනායකයන් හෝ ප්‍රධානීන් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවද එම සංවිධානයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
|
"ගැටුම ඇතිකරගත් මහජන නියෝජිතයන්ට එරෙහිව කථානායක කරුජයසූරිය මහතා ක්‍රියාමාර්ග ගත්තද පක්ෂනායකයන් හෝ ප්‍රධානීන් ඒ පිළිබඳ කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ"
|
මේ නිසා කථානායකවරයා පත්කළ කමිටු නිර්දේශ මත සිදුකළ විනය ක්‍රියාමාර්ග එම මහජන නියෝජිතයන් දෙදෙනා වැරදියට භාවිත කරන බවත්, මේ නිසා ජනතාව මොවුන් සමාජයෙන් ඉහළට ඔසවා තැබීමෙන් වැළකී සිටිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
අද (11දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.