රටතුළ සහ ජනමාධ්‍ය තුළ රාජපක්ෂ සංස්කෘතිය පරාජය කළද, මෙතෙක් පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂ සංස්කෘතිය පරාජය කිරීමට නොහැකිවී ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
රාජපක්ෂ සංස්කෘතිය තුළ අන්‍ය මත ඉවසීමට හැකියාවක් නොමැති බවත්, එමෙන්ම තම අතීතය මතුවෙනවාට බියෙන් පොදු විපක්ෂය පාර්ලිමේන්තුව තුළ විවිධ දේ සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අද(04දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
පොදු විපක්ෂය නමැති කණ්ඩායම සිටිනවා යැයි පෙන්වීමට කළ හැකි වෙනත් කිසිවක් නොමැතිකම තුළ ඔවුන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් අයුරින් හැසිරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.