අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙතු සිදුකළ පහරදීම පිළිබඳ සීසීටීවී දර්ශන නීරීක්ෂණය කර වහාම තමාට වාර්තාවක් ලබාදෙන ලෙස කථානායක කරු ජයසුරිය මහතා නියෝගකර තිබේ.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් කමිටුවක්ද පත්කර ඇති අතර මේසම්බන්ධයෙන් ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වන බව අද(03) පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී කථානායකවරයා ප්‍රකාශකර තිබේ.
එම තත්ත්වය තමා තරයේ හෙළා දකින බවත් මෙම සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තා කිරීම සඳහා නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාය පවරන ලද බවත් කථානායකවරයා පැවසීය.