පාරිලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අතර සිදු වූ ගුටි බැට හුවමාරුව පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීය.
ඉන් අනතුරුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් හැකි ඉක්මනිනන් ඉදිරිපත් කරන ලෙස නියේජ්‍ය කතානායකට හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට කතානායක කරු ජයසූරිය මහතා උපදෙස් දුන්නේය.
වාර්තාව ලැබීමෙන් පසුව මන්ත්‍රීවරු පිළිබඳව තීරණයක් ගන්නා බවත් පාර්ලිමේන්තුව හෙට (04දා) දහවල් 1 තෙක් කල්තබන බවත් කතානායකවරයා පැවැසීය.