කථානායකතුමාගේ ආරාධන පරිදි ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව වෙත පැමිණි ශ්‍රි ලංකාවේ අද්වීතිය කීර්තිමත් ලෝහ කැටයම් ශිල්පී කලාශූරී,කලාකිර්ති,විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා කතානායකතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සුවීශේෂි පිලිගැනිමකට ලක්විය. විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට අමතක කල නොහැකි වැදගත් චරිතයකී.
මින් වසර 33 පෙර ලෝ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජේෆ්රි බාවා මහතාගේ ඉල්ලීම පිරිදි පාර්ලිමේන්තුවේ ඓතිහාසික රීදි ද්වාරය(අඩි 12X12 රීදි දොර) මෙන්ම පාර්ලිමේන්තු සභාගර්භයේ පලාත් කොඩිද රිදියෙන් නිර්මාණය කරන ලද්දේ විමල් වික්‍රම සුරේන්ද්‍රයන් විසිනි.
මින් වසර 33 කට පෙර මෙම අභියෝගාත්මක කාර්ය රටටම කීර්තියක් ගෙන දෙන ලෙස නිම කල විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අද රෝගිතත්වයෙන් පසුවන වයෝවෘද්ධ කලාකරුවෙකි.
විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා කථානායකතුමන්ගේ ඉල්ලීම පරිදි අධ්‍යපාන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මුදල් පරිත්‍යාගයක්ද කරන ලදී. මෙම අවස්ථාවට, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය මහ ලේකම් දමිම්ක දසනායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ,සංස්කෘතික අමාත්‍ය එස්.බී.නාවින්න යන මහත්වරුන්ද එක් විය.
සභාගර්භය තුලදී කථානායක අසුනේ සිට කථානායකතුමා විසින් විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා පිළිබඳ විශේෂ සදහනක් කල අතර, විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට විමල් වික්රමසුරෙන්ද්රයන් සභාව වෙත ආචාර කරන ලදි