පාර්ලිමේන්තුව තුළ සපයා ඇති වයිෆයි පහසුකම ක්‍රියාත්මක නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අතිවිශාල මුදලක් වැයකර ක්‍රියාත්මක කළ එම සේවාව නොලැබී යාම ගැටලු සහගත බවත්, මේ පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමු විය යුතු බවත් අමාත්‍යවරයා ඊයේ (10දා) පවසා සිටියේය.
මෙම අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ ඒ පිළිබඳව විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙහිදී කියා සිටියේ, පාර්ලිමේන්තුවේ කටයුතු නැරඹීමට සකස් කළ ඩිජිටල් පුවරුව මාසයක සිට ක්‍රියාත්මක නොවන බවත්, ඒ පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය.