පාර්ලිමේන්තුව තුළ සපයා ඇති වයිෆයි පහසුකම ක්‍රියාත්මක නොවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අතිවිශාල මුදලක් වැයකර ක්‍රියාත්මක කළ එම සේවාව නොලැබීයාම ගැටලු සහගත බවත්, මේ පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් හෙතෙම කීවේය.
මෙම අවස්ථාවේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මෙහිදී කියා සිටියේ පාර්ලිම්නේතුවේ කටයුතු නැරඹීමට සකස් කළ ඩිජිටල් පුවරුව මසක පමණ කාලයක සිට ක්‍රියාත්මක නොවන බවය. ඒ පිළිබඳවද සොයා බැලිය යුතු බවද ඔහු පවසා සිටියේය.