ආසියාවේ ශක්තිමත්ම පාර්ලිමේන්තුව බවට ලංකාවේ පාර්ලිමේන්තුව ඉදිරි මාස කිහිපය තුළ පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ආසියානු කලාපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුව අමතමින් පැවසීය.
ඉදිරියේදී ඇතිකරනු ලබන පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇති බවද ඒ මහතා පැවසීය.
මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ භූමිකාව පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය ආසියානු කලාපීය සමුළුව අද (01) ආරම්භ වු අතර එය බදාදා (03) දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ