රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් දියත උයන, පාර්ලිමේන්තු පාර ප්රදේශයේ දැඩි වාහන තදබදයක් පවතියි.
පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් ඔවුහු පාරේ හිදගෙන සිටිති. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව ආසන්නයට ගොස් විරෝධතාවයේ නිරතවීමට නියමිතව තිබුණත් එය වළක්වාලමින් කඩුවෙල උසාවිය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව විරෝධතාකරුවන්ට පොල්දූව පාරෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට තහනම් විය. විරෝධතාකරුවන්ගෙන් හය දෙනෙකුට අගමැති රනිල් වික්රමසිංහ මහතා හා සාකච්ඡාවක්ද ලැබී තිබේ.