2016 අයවැය ලේඛණය සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් පාර්ලිමේන්තුවේ ඇතිවීමත් සමග සභාව විනාඩි 10 කට කල් තැබිණි. අයවැය යෝජනා ඇතුළත් පිටපත් බෙදීමේදී පැරණි පිටපත් ප්රමාණයක්ද බෙදීමට පියවර ගෙන ඇති බවත්, එකිනෙකට වෙනස් අයවැය යෝජනා දෙකක් පාර්ලිමේන්තුවේ සබා ගැබට පැමිණී ඇතිබැවින් විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් එයට විරෝධය ඵළකළහ. ඒ අනුව පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමටයි කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේය.