මහාමර්ග තුළ පාපැදිකරුවන් සඳහා විශේෂ මංතිරු ඇති කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද, අධිවේගී මාර්ගවල නිවැරදි ආකාරයෙන් පාපැදි මන්තීරු තිබේ නම් පාපැදිකරුවන්ට අධිවේගී මාර්ගයද භාවිත කිරීමට හැකියාව ඇති බවද විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.
'හෙටක් වෙනුවෙන් රටක්' තේමාව යටතේ බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් පාපැදිය ජනප්‍රිය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්, ඒ යටතේ (07දා) ඉරිදා පාර්ලිමේන්තුව අසල සිට නිදහස් චතුරස්‍රය දක්වා ප්‍රදර්ශනාත්මක පාපැදි තරගයක් පවත්වන බවත් අමාත්‍යවරයා පැවසුවේ අද (04දා) පැවති මාධ්‍ය හමුවකදීය.