පාප් වහන්සේගේ දයාවේ සේවාවන් වෙනුවෙන් වැය කිරීමට මෙරටින් තිළිණයක් සේ ලබාදුන් රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් උන්වහන්සේ යළිත් මෙරටේ දයාවේ සේවාවන් වෙනුවෙන් වැයකරන ලෙස ලබාදුන් බව ඥානාර්ථ ප්රදීපය පුවත්පතේ ප්රධනා කර්තෘ ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා 'අද' ට සඳහන් කර සිටියහ.
ඒ අනුව මෙරට පවතින කතෝලික පදවි 12 ට සමව බෙදීයන පරිදි මෙම මුදල් ලබාදී ඇති බවත්, මෙරට දිළිඳු කතෝලික ජනතාව වෙනුවෙන් එම මුදල් වැයකිරීමට නියමිත බවත් පියතුමා සඳහන් කළහ.