පාන් ඇතුළු පාන්පිටි ආශ්රිත කිසිදු නිෂ්පාදනයක මිල ඉහළ දැමීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය 12 වැනිදා සිට පාන්පිටි ගෙන්වන එක් සමාගමක් පාන්පිටි කිලෝවක මිල රුපියල් 7.20 ක මුදලකින් ඉහළ දමා තිබෙන බවත්, එම සමාගම පමණක් මිල ඉහළ දමා ඇති නිසා පාන්පිටි ආශ්රිත නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු නොවන බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.
පසුගිය දිනවල සිදු වූ බදු සංශෝධනය නිසා පාන් හැර අනෙකුත් නිෂ්පාදනවල වියදමට බලපෑමක් එල්ල වී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.