(UPDATE) 11.30 AM
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාගමන පේරාදෙණිය හංදියේදී ආරම්භවිය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු මේ සඳහා එක්ව සිටිති. පාගම අද දිනයේදී මාවනැල්ලෙන් අවසන්වීමට නියමිතය.
පොදු විපක්ෂයේ පාදයාත්රාව සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එක්වීය.
කෙසේ උවද ගැටඹේ සිට අද (28) පෙරවරු 9.55 ට පමණ ආරම්භ වීමට තිබු ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව පටන්ගෙන නොතිබිණි. ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව පෙරවරු 10.30ට පමණ පේරාදෙණියෙන් ආරම්භ කැරිණි.