(UPDATE) 5.00 PM
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන සටන පාද යාත්රාව අවසාන අධියරට පැමිණෙමින් එහි ආරම්භය මේ වන විට ලිප්ටන් වටරවුම දක්වා පැමිණ තිබේ. ඒ අනුව ජන රැළිය ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙනු ඇත. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාද පාද යාත්රාව හා එක්ව ලිප්ටන් වටරවුමට ගමන් කරමින් සිටියි.
4.30 PM
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්රාව මේ වන විට ඩාලි පාරේ ගමන් කරමින් සිටියි. ඩාලි පාරේ වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන අතර මරදාන ආශ්රිතව දැඩි වාහන තදබදයක් පවතියි.
4.00 PM
එ්කාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව මේ වන විට මරදාන දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ තිබේ. රැළිය හයිඩ් පාක් දෙසට ගමන් කරමින් තිබෙයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මේ වන විට රැළියට එක්ව සිටියි.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්රාව අවසන් කරමින් පැවැත්වීමට නියමිත ජන රැළිය පවත්වන ස්ථානය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා නොවේ.
රැළිය බොහෝ දුරට ලිප්ටන් වටරවුමේ පැවැත්වීමට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ප්රකාශකයෙකු සඳහන් කළේය. මේ අතර රැළිය වෙනුවෙන් බොරැල්ල කැම්බල් පිටිය ලබාදිය හැකි බවට පොලීසිය හිටපු ජනපතිවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය.