ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන පාද යාත්රාව දෙවැනි දිනයට අද (29දා) උතුවන් කන්දෙන් ආරම්භවිය. පාද යාත්රාව කෑගල්ල නගරයෙන් ගමන් කිරීමේදී එක් මංතීරුවක පමණක් ගමන් කළ යුතු බවට වන අධිකරණ නියෝගයක් කෑගල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් අද නිකුත් කරනු ලැබීය.
එම නියෝගය පොලීසිය විසින් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බාරදෙනු ලැබීය.
මේ අතර අද උතුවන් කන්ද ප්රදේශයට වැසි ඇඳහැළෙමින් පවතියි. එසේ වුවත් පාද යාත්රාව අඛණ්ඩව ඉදිරියට ගමන් කරනවන බව සංවිධායකයෝ කියති.