"පාතාලය අද රජවෙලා. ආණ්ඩුව හොඳටම මර නින්දේ. පාතාලයේ දැන් සිද්ධවෙන දේ පිළිබඳව තව දුරටත් ඇස පියාගෙන ඉන්න බැහැ. කොටින් එක්ක හුවුල්වෙලයි දැන් පාතාලයේ අය ඝාතන සිදු කරන්නේ" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එසේ කිවේ සාහසිකයෙකුගේ වෙඩි පහරින් මිය ගිය කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති රන්ජිත් ඩොනල් රණවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පෙරේදා (11දා) ඒ පිළිබඳ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
"අද පාතාලයේ අය නිදහසේ තමන්ගේ ක්‍රියාකාරකම්වල යෙදෙනවා. කොටින් එක්ක හවුල්වෙලයි දැන් මේ අය මේ විදිහට ඝාතන සිදු කරන්නේ. අපි එදා සම්පූර්ණයෙන්ම මර්දනය කරපු පාතාලය අද හොඳටම හිස ඔසවලා. කාන්තාවෝ අතදරුවෝ ඝාතනය කරනවා, පවුල් පිටින් විනාශ කරනවා. මේක ඉතාම නරක තත්ත්වයක්.
මේ තත්ත්වය පිළිබඳව තවදුරටත් ඇස් කන් පියාගෙන ඉන්නම බැහැ. රටේ තත්ත්වය එසේ වුවත් ආණ්ඩුව පාතාලයේ ක්‍රියාකාරිකම් මර්දනය කිරීමට කිසිම වැඩපිළිවෙළක් දියත් කර නැහැ. ඒ අය කරන්නේ විරුද්ධ මත ඉදිරිපත් කරන දේශපාලකයන් සොයා සොයා ඔවුනට නඩු දාන එකයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ පාතාලයේ නඩු ෆයිල් ගොඩක් ගොඩගැහිලා තියෙනවා කියලා අපිටත් ආරංචියි. දහස් ගාණක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේවා විසඳන්න ආණ්ඩුවට ඕනකමක් නැහැ. ඒ අයට උවමනා කරලා තියෙන්නේ දේශපාලකයන්ට තියෙන නඩු ඉක්මනටම අස්සවලා ඉවර කරන්නයි." යැයි ද පවසා සිටියේය.