පාතාලය මර්දනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ඊයේ (28දා) රැස්වූ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූ බව ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
මෙම කරුණ සම්බන්ධව ජනාධිපතිවරයා සහ ඇමතිවරුන් අතර දීර්ඝව සාකච්ඡා වූ බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේදී අද (01දා) පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී ස්ථීර වැඩපිළිවෙළක් සකස් වනු ඇති බවත්, ඒ සදහා සියලු ඇමතිවරුන්ගේ සහාය ලබාගැනීමට නියමිත බවද වීරක්කොඩි මහතා කියා සිටියේය.