ලොව දරුණුතම ත්‍රස්ථවාදය පරාජයකල ආරක්ෂක අංශයන්ට පාතාල අපරාධ මර්දනය කිරීම දුශ්කර නොවන බව බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය. කුරුවිට ගැමුණුහේවා රෙජිමේන්තු මුලස්ථානයේ අද (11 දා) විරුසර වරප්‍රසාද කාඩ් පත ප්‍රධාන කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
වත්මන් රජය නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කරන බවත් අපරාධ මර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද පැවැසීය. පසුගිය ආණ්ඩු සමයේ මෙන් අවනීතිය රටතුළ ක්‍රියාත්මකවීමට කිසිදු ඉඩක් නැතැයිද පැවැසීය. වත්මන් රජය මේ වන විට රටතුළ නීතියේ ආධිපත්‍ය තහවුරු කර ඇති බවද පැවසීය.
මෙරට ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශයන්හි පුහුණුව, සුබ සාදනය මෙන්ම තාක්ෂණික දැණුම ඉහළ නංවන බව පැවසු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කිසිවිටකත් මෙරට ආරක්ෂක අංශවල ශක්තිය දුර්වල කිරීමට කිසිදු බලවේගයක ට ඉඩනොදෙන බවද පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ඇතිව ත්‍රිවිධ හමුදාවේ සුබෙසාදනය සහ දැණුම පුහුණුව ඉහල නැංවීමට මේවනවිට කටයුතු සිදුකරම්න් ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.
දශක තුනක කුරිරු ත්‍රස්ථවාදය හේතුවෙන් මෙරට සංවර්ධන ගමන් මඟ බිඳ වැටුනු බව පෙන්වාදුන් අමාත්‍ය වරයා රණවිරුවන් ත්‍රස්ථවාදය පාරජය කිරිමත් සමඟ රටතුල සහජිවනය හා සංවර්ධනයේ සිඝ්‍ර වර්ධනයක් මෙන්නුම් කරණ බව පැවසීය. විරුසර වරප්‍රසාද කාඩ්පත මගින් ප්‍රථිලාභ ලබාදීමට රාජ්‍ය හා පුද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් තවදුරටත් සම්භන්ධවීමට කැමැත්ත පලකර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා රණවිරු ගම්මාන ඇතුලු ආබාධිත රණවිරුවන් රැදීසිටින මධ්‍යස්ථානයන්හි පහසුකමි ඉදිරියේදී වැඩිදියුණු කරන බවද සඳහන් කලේය.
මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශ ලේකමි කරුණාසේන හෙට්ටිආරචිචි, ආරක්ෂක රාජ්‍ය අමාත්යාංශගේ ලෙක්ම් ඒ.පි.ජි කිත්සිරි, රණවිරුසේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු ත්‍රිව්ධ හමුදා ප්‍රධානීන් මෙන්ම රණවිරු පවුල් වල සාමාජිකයන් සහභාගි වූහ.