පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව සියලුම පාතාල කල්ලි ඉතා කෙටි කාලයක් තුළ මර්දනය කරන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (06දා) සඳහන් කළේය.
එමෙන්ම නීතිය හා පොලීසිය පාලනය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවද හෙතෙම සඳහන් කළේය.
පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, වවුනියාව පොලිස් සංකීර්ණයේ ඉදිකළ සාම චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම හා රුක්රෝපණ වැඩසටහනක් සඳහා එක් වූ අවස්ථාවේදීය.