මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රටින් පැනගිය පාතාල සාමාජිකයන් සියලුදෙනා වර්තමාන ආණ්ඩුවේ නායකයන් විසින් ආනයනය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එම පාතාල සාමාජිකයන් සමග ආණ්ඩුවේ නායකයන් එළිපිට වැඩ කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. බොරැල්ල ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේදී අද (28දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
මෙම තත්ත්වය තුළ සියලු පුරවැසියන්ගේ ජීවිත අනාරක්ෂිත වී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ මහතාගේ ජීවිතයට තර්ජන එල්ල වී තිබෙනවා.”