දරුණු ඝනයේ පාතාල කල්ලි නායකයෙකු වූ 59 හැවිරිදි කේ. වාප්පු බාලන් නැමැති පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (28 දා) රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙන බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය පවසයි.
‘තෙල් බාලා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු මොහු අත්අඩංගුවට ගැනීමට පසුගිය කාලයේ පොලිසීය විසින් විමර්ශන දියත් කළ අතර එහිදී මොහු ඉන්දීයාවට පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඔහුගේ මළ සිරුර ඊයේ (28දා) රාත්රී 10.15 ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.
අවයව බද්ධ කිරීමකදී ඇති වූ සංකූලතා නිසාවෙන් මෙම මරණය සිදුවී ඇති බව ඉන්දීය රෝහල් බලධාරීන් සිය මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම මළ සිරුර අද (01දා) උදෑසන 6.00 ට පමණ ඔහුගේ ඥාතීන්ට භාරදීමට පොලීසිය කටයුතු යොදා තිබේ. කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.