මේ වසරේ ගෙවී ගිය මාස පහ හමාරකට අධික කාලයක් තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු කොළඹ අපාරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙහිදී රොෂාන් ප්‍රේමලාල් නොහොත් පොලී රොෂාන් හා මංජුලා සඳුනි නමැති රූපලාවණ්‍ය ශිල්පිනිය ඝාතනය කළ සංවිධානාත්මක අපරාධ කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බවද අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
අසිත ප්‍රේමතිලක (සොල්ටා) නමැති මෙම සැකකරු අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු බවට තහවුරු වී තිබෙන බවත්, සැකකරු සමග වෙඩි තැබීමට භාවිතා කළ මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් හා ජීවඋණ්ඩ 05ක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම පවසා සිටියේය.