සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන දීලීප් රෝහන රොද්‍රිගෝ හෙවත් දිලීප නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පවත්ව ඇත. සැකකරු තලාතුඹය ප්‍රදේශයේ සිටින බවට ලැබුණ තොරතුරක් මත ඔහු අත්ඩංගුවට ගැනීමට යාමේදී ඔහු විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙඩි තබා තිබේ.
පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් අනතුරුව සැකකරු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියාගාස් ඇත. මොහු වත්තල ප්‍ර දේශයේදී මිය ගිය මංජු නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම සමීපයා වන දිලීප මංජු මියයාමෙන් පසුව ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ දිලීප නැමැති මෙම සැකකරු බව පොලීසිය පවසයි.
ඊයේ (05දා) සවස මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර සැකකරු වෙඩි තැබීමට භාවිත කළ බව කියන මිල මීටර් 9 වර්ගයේ පිස්තෝලයද එම ස්ථානයේ තිබියදී සොයාගෙන ඇත. 2014 වසරේදී කැලණි ටයර් හංදියේදී කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට වෙඩි තැබීම සම්බන්ධයෙන්ද මෙම අපරාධ කරු පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.