කඩුවෙළ - මාළඹේ මාර්ගයේ කොතලාවල හංදියේදී යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
තවත් යතුරු පැදියකින් පැමිණ මෙම ඝාතනය සිදුකර තිබේ. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකකරයි.
නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යටතේ විමර්ශන සිදුකරයි. අද (13දා) පෙ.ව. 10.00ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ.