තමා අමාත්‍යංශය භාර ගන්නා විට පාඩු ලබමින් තිබූ ලංකා සතොස, පසුගිය වසර අවසානය වන විට රුපියල් බිලියන 01ක හෙවත් රුපියල් කෝටි 100 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට සමත්ව සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. පසුගියදා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසවේ මෙය වාර්තාගත ලාභයක් බවයි.
එසේම එහිදී මානව සම්පත් දායකත්වය, නාස්තියකින් තොරව, නිවැරදිව, කාර්යක්ෂමව හා ඵලදායීව මෙහෙයුම් කටයුතුවලට යොදා ගැනීම නිසාත්, ප්‍රවාහන මෙහෙයුම් කටයුතු විධිමත් කිරීම නිසාත්, රැපියල් බිලියන 2.8 ක් ඉතිරි කර ගැනීමට හැකි වුනු බවද අමාත්‍යවරයා කීය.