ශ්රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාඩු ලබමින් වුවද පවතින ඉන්ධන මිළ පවත්වාගෙන යන බව රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව පෙට්රල් ලීටරයකින් රුපියල් 14.69ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 14.32ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල්. 44.63ක් පාඩු විඳීමට රජයට සිදුව ඇති බව පැවසෙයි.