හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් පහක් කළමනාකරණය කිරීම සඳහා විදේශීය කළමනාකාරීත්වයට පැවැරීමට කටයුතු කරමින් සිටි බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසූ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසයි.
"මෙය තනිකරම අසත්‍ය ප්‍රකාශයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී අපට වාසිදායක ගිවිසුම්වලට එළැඹිලා තිබුණා. නමුත් ඒ හරහා අපි රාජ්‍ය සම්පත් විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිසේත්ම කටයුතු කළේ නෑ. දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුළාකිරීමට තමයි මේ අමාත්‍යවරු කටයුතු කරන්නේ” යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිය ට්විටර් ප්‍රකාශයෙන් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා 2011 වසරේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ දකුණු වරාය, එවකට වරාය නගරය (වත්මන් කොළඹ මූල්‍ය නගරය) සහ නොරොච්චෝලේ බලගාරය යන රාජ්‍ය සම්පත් කළමනාකරණය කිරීම සඳහා විදේශීය කළමනාකාරීත්වයට පැවැරීමට කටයුතු කරමින් සිටි බවයි.