(VIDEO) රාඩා ආයතනය හරහා එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් ලබාදුන්නේද නැද්ද යන්න පිළිබඳව තමා සමග විවාදයකට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා කොටි සංවිධානයට මුදල් ලබාදුන් ආකාරය දැක්වෙන රාඩා ආයතනයේ අභ්‍යන්තර වාර්තා සහ මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට මුදල් නිකුත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළ වාර්තා තමන් සතුව තිබෙන බව රණවක මහතා පවසා සිටියේය.
බත්තමුල්ල පිහිටි එම පක්ෂ කාර්යාලයේදී අද (11දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එවක රාඩා ආයතනයේ ප්‍රධානියාව සිටි ටිරාන් අලස් මහතා හරහා මෙම ගනුදෙනුව සිදුව ඇති බවයි.
හිටපු ජනාධිතිවරයා හෝ බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් එම චෝදනා ප්‍රතික්ෂේප කර නැතැයිද රණවක මහතා සඳහන් කළේය.
VIDEO
ඡායාරූප - ශමීර රාජපක්ෂ