තම පක්ෂය කිසිවෙටකත් විධායක ජනපතිධුරය අහෝසිකළ යුතු බවට ප්‍රකාශ නොකළ බව ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
තමන් එවැනි කතාවක් කළ බවට ඔප්පු කළහොත් ධුරයෙන් ඉවත්වන බවත් හෙතෙම කිවේය. සිරස රූපවාහිනී සේවයේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම ප්‍රකාශය කළේය.
තම පක්ෂයේ අදහස වූයේ පාර්ලිමේන්තුව, අධිකරණය හා විධායකය අතර බලතුනයක් ඇති ප්රජාතන්ත්රවාදී විධායක ජනපතිධුරයක් බවද ඔහු සඳහන් කළේය.