ශ්‍රී ලංකාවේ එකතුවන කසළ එංගලන්තයට ගෙන යෑමට වැඩපිළිවෙළත් තිබුණත් ඒ සඳහා බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය විරුද්ධ වූ බවට කළ ප්‍රකාශය ඔප්පු කර පෙන්නුවහොත් හා එංගලන්තයට කුණු කිලෝවක් රැගෙන ගිය හොත් තමන් අමාත්‍යධුරයෙන් ඉවත්වෙන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
“එක පුවත්පතක පළවුණා මීතොටමුල්ලේ කසළ එංගලන්තෙට ගෙනියන්න හැදුවා මෙගාපොලිස් හරස් උනා කියලා. එංගලන්තෙට එක කුණු කිලෝවක් රැගෙන ගොස් පෙන්නුවොත් මම මේ ධූරයෙන් හෙට ගෙදර යනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය. අද(16) දින බත්තරමුල්ලේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
එසේම කසළ පිළිබවඳව තම අමාත්‍යාංශයට කිසිඳු වගකීමක් නැති නමුත් එයින් වැඩිම ලෙස පීඩා විදන අමාත්‍යාංශය වන්නේද බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය බවත් අමාත්‍යවරයා පවසයි.
ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගොඩනැගිලි අනුමත කර ගැනීමේදී එම ගොඩනැගිල්ල සඳහා නිසි කසළ කළමනාකරණ කි‍්‍රයාවලියක් තිබිය යුතු බවත් චම්පික රණවක මහතා පවසයි.