විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධුරයේ කටයුතු කළ හිටපු අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ අමාත්‍ය ධුරය මෙවර මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යධුරය ලැබී තිබේ.
විදුලි බල හා බලශක්ති අමාත්‍යධුරය රංජිත් සියඹලා පිටිය මහතාට හිමව තිබේ. මුදල් අමාත්‍යධුරය රවී කරුණානායක මහතාටම හිමිව තිබේ.
අධිකරණ අමාත්‍ය වශයෙන් කටයුතු කළ විජයදාස රාජපක්ස මහතාට බුද්ධ ශාසන අමාත්‍යධුරය හිමිවිය.
රාජිත සේනාරත්න මහතාගේ අමාත්‍යධුරය වෙනස් නොවීය. ඔහු සෞඛ්‍ය අමාත්‍යධුරයේම කටයුතු කරයි.
අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අමාත්‍යධුරය වූ ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යධුරයම දරයි.
අර්ජුන රණතුංග මහතා තවදුරටත් වරාය හා නාවික අමාත්‍යධුරයේ කටයුතු කරයි. සජිත් ප්‍රේමදාම මහතාට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධුරයම හිමිවිය.