ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කිරීම නියමිත පාද යාත්රාව මහනුවර නගර සීමාවේ අවසානය වෙන පේරාදෙණිය පාලමෙන් එපිටදී ආරම්භ කළ යුතු යැයි පේරාදෙණිය පොලීසිය නිවේදනයක් මගින් පවසා තිබේ.
පේරාදෙණිය නගර සීමාවේදී පාගමන නොපවත්වන ලෙස ඊයේ මහනුවර මහේස්ත්රාත් අධිකරණය විසින් නියෝග කිරීමත් සමග ගැටඹේ විහාරස්ථානය ආසන්නයෙන් පාගමන ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.
මේ අතර පාගමන අවසානයේදී රැළිය පැවැත්වීමට නියමිතව තිබූ හයිඩ් පිටියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පැවැසුවේ හයිඩ් පිටියේ රැළිය පැවැත්වීමට නොහැකි වුවහොත් වෙනත් ස්ථානයකදී හෝ රැළිය පවත්වන බවයි.
අමිත් මධුරංග/චමිල් රූපසිංහ