වයඹදිග පාකිස්ථානයේ චාර්සද්දා ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයකට තුවක්කුකරුවන් ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කරමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව බෝම්බ පිපිරීම් හඬක්ද වාර්තා වී තිබේ.
මෙම නගරය පේෂාවර් නුවර සිට කිලෝමීටර 50ක් පමණ ඔබ්බෙන් පිහිටි නගරයකි.
2014 දී පාකිස්තාන පාසලකට කඩා වැදුණු තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පාසල් සිසුන් 130කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.