මතභේදයට තුඩුදී ඇති පකිස්තානයෙන් ගෙන්වන ලද බාස්මතී සහල් සාම්පල වැඩිදුර විමර්ශනය සඳහා බොරැල්ල ජාතික වෛද්‍ය පර්යේෂණායතනයට යොමුකළ බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
සතොස ප්‍රධාන කාර්යාලයේදී අද (05දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තෙන්නකෝන් මහතා මේබව සඳහන් කළේය.
ජාතික වෛද්‍ය පර්යේෂණායතනයේ වාර්තාව සති දෙකකදී ලැබීමට නියමිත අතර, වාර්තාව ලැබෙන තෙක් සහල් වර්ගය අලෙවිකිරීම අත්හිටුවා ඇති බවද හෙතෙම පැවසීය.
එම සහල් වර්ගය මිනිස් පරිභෝජනයට සුදුසු බව අදාළ පරීක්ෂණයන්ගෙන් තහවුරු වුවහොත් සතොස ආයතනයේ කීර්තිනාමය විනාශ කිරීමට කටයුතු කළ සියලුම සමාජ ජාලා වෙබ් අඩවි සහා මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද තෙන්නකෝන් මහත ප්‍රකාශ කළේය.